gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිංහරාජය අනතුරේ, මෙන්න වෙලා තියෙන දේ

ශීඝ්‍රයේන් බෝ වන ආක්‍රමණික ශාකයක් සිංහරාජ වනයේ යටි රෝපණයට තර්ජනයක් වී ඇතැයි සිංහරාජ වන පාලක අජිත් ජයසිංහ මහතා පවසයි. කලවාන සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වූ මහජන නියෝජිතයන්, රජයේ නිලධාරී හා මාධ්‍යවේදීන් අමතා හෙතෙම මේ බව කීය.

දැනටමත් හෙක්ටෙයාර් පනහක මෙම ආක්‍රමණකාරී ශාකය වඳ කිරීමට
අවශ්‍ය පියවර ගෙන ඇතැයිද ඒ මහතා කීය. සිංහලෙන් කටකළු බෝවිටියා නමින් හඳුන්වන මෙම ශාකයේ උද්භීද විද්‍යාත්මක නාමය “Clidemia Hirta” වේ.

බීජයන් මඟින් බෝ වන මෙම ශාකය වනයේ අනෙකුත් ගස් වැල් සියල්ලේ වර්ධනයට බාධා පමුණුවන බවත් සිඝ්‍රයෙන් පැතිරෙන නිසා මෙම ශාකය මර්දනය කිරීම අසීරු බවත් වන පාලකවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් මෙම ශාකය පැතිර යන වේගය අනුව සිංහරාජ වන පෙත බේරා ගැනීම සඳහා ඉදිරියේදී දැඩි කැපවීමකින් කටයුතු කිරීමට වගකිව යුත්තන් පියවර ගත යුතුව ඇතැයිද අජිත් ජයසිංහ මහතා කීය.

සෙන්ටි මීටර් 50 සිට 300 පමණ දක්වා උසට වැඩෙන මෙම ශාකය වනයේ යටි රෝපණයට දැඩි තර්ජනයක් බවද ඒ මහතා පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka