gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගමැති ගෙන් එජාප මන්ත්‍රින්ට නියෝගයක් !

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමූහිකත්ව වගකීම ආරක්ෂා කරගෙන කටයුතු කරන ලෙසත්, ඉන් බැහැරව කටයුතු කිරීමෙන් පක්ෂයට මෙන්ම සම්මුතිවාදී රජයට එල්ලවන අයහපත් බලපෑම්වලින් රජයේ ඉදිරි ගමනට බාධා සිදුවන බව එජාප සියලුම මන්ත්‍රින් අවබෝධ කරගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා එජාප මන්ත්‍රින්ට දන්වා ඇතැයි දැනගන්නට තිබේ.

එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමූහිකත්වය උල්ලංඝනය වන
ආකාරයෙන් ඇතැම් මැති ඇමැතිවරුන් නිකුත් කරන ප්‍රකාශ හේතුවෙන් විරුද්ධවාදීන්ට පක්ෂයට හා රජයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමට මාතෘකා සකස් කර නොදිය යුතු බවද හෙතෙම අවධාරණය කර ඇතැයිද සඳහන් වෙයි.

පක්ෂය, පක්ෂයේ සාමූහික තීරණ හා ඉදිරි සැලසුම්වලට හානිකර ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස එජාප මන්ත්‍රිවරුන්ට දන්වා යවන ලෙස අග්‍රාමාත්‍යවරයා එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතාට උපදෙස් දී තිබෙන බවද සඳහන් වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka