කුමාර් සංගක්කාර , මහේල ජයවර්දන හා තිලකරත්න දිල්ශාන් වැනි ශ්‍රී ලංකාව නියෝජනය කල සුපිරි ක්‍රීඩකයන් තවත් වරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරනු දැක ගැනීමට රසිකයන්ට බොහො දුරට හැකි වනු ඇති බවට නෙත් ගොසිප් අපිට වාර්තා වෙනවා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ක්‍රිකට් ඒඩ්’ වැඩසටහන මගින් සංවිධානය කරනු ලබන විශේෂ ක්‍රිකට් තරගයකදි.
පසුගිය දිනවල ශ්‍රී ලංකාවට දැඩිව බලපෑ ස්වාභාවික විපත් වලට මුහුණදුන් පවුල්වල ළමුන් වෙනුවෙන් අරමුදල් රැස්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ක්‍රිකට් ඒඩ්’ වැඩසටහන මගින් විශේෂ ක්‍රිකට් තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ලෝක ක්‍රිකට් කණ්ඩායම්වල සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ක්‍රිකට් කණ්ඩායමක් හා ශ්‍රී ලංකාවේ වත්මන් හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් අතර මෙම තරගය පැවැත්වීමට නියමිතය.
සැප්තැම්බර් මස 8 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ, රාත්‍රී විස්සයි විස්ස තරගයක් ලෙස මෙය පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.
එම ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේ පකිස්තානය, බංගලාදේශය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය මෙම තරගය සඳහා ක්‍රීඩකයන් එවීමට එකගවී ඇති බවය.
ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායක රිකි පොංටින් සහ පකිස්ථාන පිලේ හිටපු නායකයන් වන සහිඩ් අෆ්රිඩි හා මිස්බා උල් හක් යන ක්‍රීඩකයන්ටද මෙම තරගයට එක්වන ලෙස ආරාධනා කර තිබේ.
ඊට අමතරව දකුණු අප්‍රිකාවේ ෆාෆ් ඩු ප්ලේසි, ඩේවිඩ් මිලර්, බංගලාදේශයේ මහ්මදුල්ලා, නාසීර් හුසේන්, නවසීලන්තයේ ග්‍රාන්ට් එලියට් සහ ලුක් රොන්චි ද මෙම තරගයට එක්වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙයි.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දැන් පැවැත්වෙන තරග සංචාරය සැප්තැම්බර් 6 වැනිදා විස්සයි විස්ස තරගයකින් අවසන් වන අතර එම විස්සයි විස්ස තරගය ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රීඩකයන් කිහිපදෙනකු මෙම තරගය සඳහා ක්‍රීඩා කරවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දීය පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් හා සුපිරි ක්‍රීඩකයන් කිහිපදෙනෙකුටද මෙම තරගයේ ශ්‍රී ලංකා XI කණ්ඩායම නියෝජනය කර ක්‍රීඩා කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කර තිබේ.
මෙම තරගයෙන් ලැබෙන සම්පුර්ණ ආදායම පසුගිය කාලයේ ගංවතුර හා වත්මන් නියඟයෙන් පීඩාවට පත්ව ඇති ළමුන්ට පිහිටවීම සඳහා පිහිටුවා ඇති ‘ශ්‍රීලංකා ක්‍රිකට් ඒඩ්’ අරමුදලට බැර කෙරෙනු ඇත.
"පොන්ටින් – අෆ්රිඩි එකට එක්ව ශ්‍රී ලංකාවට අභියෝග කරයි" - ශ්‍රී ලංකාව රැක ගන්න දිල්ශාන් – සංගා – මහේල යළි පිටියට ?
2017-08-12T10:35:00+05:30
Gossip Lanka Hot News