හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් රෝහිත රාජපක්ෂ (චිචී) මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිත බව වාර්තා වේ.
ඒ චීනයේදී කක්ෂගත කළ බව කියන සුප්‍රීම් සැට් - 1 (SupremeSAT-I)
චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහාය.
රෝහිත සුප්‍රීම් සමාගමේ තාක්ෂණික කණ්ඩායමේ ප්‍රධාන ඉංජිනේරුවා ලෙස කටයුතු කර ඇති බව පැවසේ.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට ඩොලර් මිලියන 320 ක් වියදම් කර ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නොලැබුණ බවත්, රජයේ මුදල් රුපියල් මිලියන 500ක් ඒ වෙනුවෙන් වියදම් කර ඇති බවත් වරක් එජාප හිටපු මහලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි.
සුප්‍රිම් සැට් ගැන දෙරණ නිවේදක චතුර අල්විස් හා චීචී ජනාධිපති මන්දිරයේදී කළ සාකච්ඡාවක වීඩියෝව පහත දැක්වේ.
“චිචී” FCIDය ට
2017-08-12T11:13:00+05:30
Gossip Lanka Hot News