gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාව ආපස්සට ගිය හේතුව ? - මංගල පහදයි

ජාතික ප්‍රශ්නයට විසඳුම් සොයා නොගැනීම නිසා පොදුරාජ්‍ය මණ්ඩලයේ දියුණුම රටක් ලෙස පැවති ශ්‍රී ලංකාව ආපස්සට ගිය බව සිංගප්පුරු අගමැති ලී ක්වාන් යු සඳහන් කර ඇතැයිද මාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඔහු එබව ප්‍රකාශ කළේ පෙරේදා (10) ශ්‍රී ලංකා රේගුවේ උප නිවාරණ
කාර්යාලයක් කන්කසන්තුරයේදී විවෘත කරමිනි.

යුද සමයේ අපරාධ කළ ඕනෑම අයකුට විරුද්ධව පියවර ගන්නා බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.

 උතුරේ සිදුවූ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන “යම් යම් අඩුපාඩු” ලෙස හැඳින්වූ මංගල සමරවීර අමාත්‍යවරයා ඒ වරද කවරකු කළත් දඬුවම් දෙන කරන බව පැවසිය.

 “කවුරු ඒ වැරැද්ද කළත් ඒ අයට විරුද්ධව කටයුතු කරන්නට අපි බැඳී සිටිනවා,” යි මුදල් ඇමැති ප්‍රකාශ කළේය.

 අතුරුදහන් වුවන්ගේ කාර්යාලයක්:

උතුරේ ජනතාවට යුක්තිය ඉටු කිරීම සඳහා අතුරුදහන් වුවන්ගේ කාර්යාලයක් සඳහා නිලධාරීන් පත් කිරීම “නුදුරු අනාගතයේදී” සිදු කරන බව කී අමාත්‍යවරයා ,ඉන් අනතුරුව සත්‍යය දැනගැනීම සඳහා කාර්යාංශයක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව රටේ සංහිඳියාව තහවුරු වනු ඇති බවට විශ්වාසය පල කළේය.

“ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල සමාජ සංහිඳියාවෙන් බැඳුනු මිනිස් පවුරක් මත ගොඩ නැගුනු නව සමාජයක්,” ඉන් අනතුරුව බිහිවනු ඇති බව අමාත්‍ය සමරවීර කියා සිටියේය.



ජාත්‍යන්තර අවිශ්වාසය

කෙසේවෙතත්, පසුගිය පාලනය යටතේ තීව්‍ර වූ යුද්ධයෙන් දෙමළ ජනතාව විඳි පීඩාව සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට ශ්‍රී ලංකාවේ වත්මන් රජය පියවර ගන්නා බවට ජාත්‍යන්තර බලවතුන් තැබූ විශ්වාසය ගිලිහී ගිය බවක් මෑතදී දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු විසින් ප්‍රකාශයට පත් වුනි.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඇතුළු මානව හිමිකම් රැකීම සහ සංහිඳියාව ඇති කිරීම සඳහා රජයට තවත් අවුරුදු දෙකක් කල් ලබා දුන්නත් එහි ප්‍රගතිය ඇනහිට ඇති බව මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු සති තුනකට පමණ ඉහතදී කොළඹදී කියා තිබුනි.

 “යුද අපරාධ කළ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා සාමාජිකයන් නීතිය හමුවට ගෙන එනු ලබන බව දැනගන්නට කිසිදු සාක්ෂියක් නැතැ,” යි විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් පවසයි.

(උපුටා ගැනීම- radiogagana)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka