gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමති චම්පික පෙම්වතිය ඉල්ලා බලපෑම් කරලා.. හෙළි වූ හැටී මෙන්න..

පාඨලි චම්පික රණවක අමාත්‍යවරයාගේ දේශපාලන බලපෑම් මත අංගොඩ මානසික රෝහලේ රදවාගෙන තමන්ට විද්‍යුත් කම්පන ප්‍රථිකාර ලබා දුන් බවට අමාත්‍යවරයාගේ හිටපු පෞද්ගලික සහකාර හර්ෂ තිලකසිරි බණ්ඩාර මහතා විසින් ශ්‍රි ලංකා වෛද්‍ය සභාව වෙත ගොනුකරන ලද පැමිණිල්ල විභාගයට ගැනීම 2017.08.10 දින කොළඹ
10, නොරිස් කැනල් පාරේ අංක 31 දරන ස්ථානයේ පිහිටි ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ දී සිදුකෙරුන අතර වැඩිදුර විභාගය පසුවට කල්තැබින.

ඉන් අනතුරුව හර්ෂ තිලකසිරි බණ්ඩාර මහතා මාධ්‍ය වෙත දක්වන ලද අදහස්..

“මම හර්ෂ බණ්ඩාර තිලකසිරි. මම කාලයක් ප්‍රබල ඇමතිවරයෙක්ගේ PA විදිහට වැඩකලා. මම යාළුවෙලා හිටියා කොරියන් කාන්තාවක් සමග. ඒ ඇමති මගේ කොරියන් කාන්තාව ඉල්ලුවා. මම එතෙනදි පැහැදිලිවම ප්‍රතික්ෂේප කරා ඒ මගේ පෙම්වතිය එයා ගණිකාවක් නෙවෙයි කියලා. එතෙනදි ඇතිවු ප්‍රශ්නය නිසා එම ඇමති මාව දැඩි ලෙස පගා ගෙන නිවාස අඩස්සියේ තියන තැනට කටයුතු කෙරුවා. ඒ අඩත්තේට්ටම් ඉවසන්න බැරුව මම ඇමති නිල නිවසෙන් පැනලා යනවා මගේ පිළියන්දල මහ ගෙදරට. මහ ගෙදර ඉන්න මම බය වෙනවා. මොකද මේ ඇමතිගේ කෙරුවාව මම හොදට දන්නවා අවුරුදු 20ක් තිස්සේ ළගම ඉදලා.

ඇත්තටම එතුමගේ කාබන් කොපියක් තරමට මම එතුමා ගැන දන්නවා. ඒ හේතුව නිසා මම ගල්කිස්සේ යාළුවෙක්ගේ ගෙදර යනවා. එතන ඉන්නකොට කුරුදුවත්ත පොලීසියේ එස් අයි හේරත්, ඇමතිතුමාගේ පුද්ගලික රියදුරු ප්‍රදීප් අල්විස්, නාගරික සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක චන්දන රණසිංහ යන අය පැමිණ මාව පැහැර ගෙන යනවා ඇමතිතුමාගේ ගෙදරට කියලා. නමුත් මේ අය ගෙනියන්නේ මාව ඇමතිතුමාගේ ගෙදරට නෙවෙයි අංගොඩ මානසික රෝහලට. එතෙනදී ඩොක්ටර් ජයාන් මෙන්ඩිස් කිසිම දෙයක් හොයන්නේ නැතුව මට කරන්ට් එක අල්ලනවා. තව මාසයක් ඉස්පිරිතාලේ තියාගෙන ඉන්නවා. ඒ සිදු වුණ අසාධාරණයට මම වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කලා මාස හතර පහකට කලින් මහාචාර්ය කාලෝෆොන්සේකා මැතිතුමාට. ඒ සම්බන්ධව පරික්ෂණයක් පැවැත්තුවා මම ඒ පරික්ෂණයට මුහුණ දුන්නා. මම හිතනවා මේ සම්බන්දයෙන් නීතියෙන් නැති සාධාරණයක් මට වෛද්‍ය සභාවෙන් ඉටු වෙයි කියලා මම ඒක බලාපොරොත්තුවෙනවා. නීතිය තවමත් නිහඩයි”


ප්‍රශ්නය

“ඇමතිතුමාගේ නම කියන්න පුළුවන්ද?”

පිළිතුර

ඔව් පුළුවන් චම්පික රණවක ඇමතිතුමා. එතුමා බොහොම සිල්වත් විදිහට හිටියට එතුමා යට මහා භයානක කමක් තියෙනවා. මම ඒක පැහැදිලිවම දන්නවා. එතුමගේ දේවල් මම පුද්ගලිකව දන්න නිසා මම ඒවා එළියට ඇවිල්ලා කියයි කියලා තමයි මාව පිස්සෙක් කරන්න තමයි මානසික රෝහලට ඇතුලත් කරේ.”

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka