ගිය ආණ්ඩුවේ ඩොලර් බිලියන් ගණන් වලින් හොරකන් කරපුවා හොයන්නත් කොමිසමක් පත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලයි.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ මෝදර “ද ලසාල්ලියන්” කිතුණු
අධ්‍යාපන මධ්‍යස්ථානයේ සංවර්ධනය පිණිස රුපියල් ලක්ෂ 05 ක් වටිනා ගොඩනැගිලි ද්‍රව්‍ය ලබා දීමේ උත්සවයකට එක්වෙමින්ය.
‘ජනාධිපතිතුමා මේ රජය යටතේ සිදුවුණාය කියන බැදුම්කර සම්බන්ධව ජනාධිපති කොමිසමක් පත් කරලා කරුණු විභාග කරලා ඒ සම්බන්ධව විවිධ අයට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒත් මේ දවස් වල තියන හොදම විහිලුව තමයි ඒකෙ කෑල්ලක් අල්ල ගෙන හොරකම් කරපුවා සම්බන්ධව මිනීමරපුවා සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා ලබපු අය උසාවියට ගිහිල්ලා එළියට ඇවිල්ලා තමන් සුදනා වගේ මේ අනිත් අයට ඇගිල්ල දික් කරන්න හදනවා.
ඉතින් ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ජනාධිපති කොමිසමක් පත් කරලා මේවා වේගවත්ව කරා වගේම ගිය ආණ්ඩුවේ පරණ හොරුන්ගේ ඩොලර් බිලියන් ගණන් වලින් හොරකන් කරපු අයගෙ ඒවා ටිකත් හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරලා ඉතා වේගයෙන් මේ ආණ්ඩුව කාලය තුලදි මේවා ඉවර කරලා නඩු දාලා වැරදිකරුවන්ට දඩුවම් දෙන්න කියලා. මොකද හේතුව දැන් නීතිපති දෙපාර්තමේන්තුවෙ තියනවා විමර්ෂණ අවසන් වෙච්ච ඒවා 89ක් විතර දැන් ඒ එකකටවත් නඩු දාලා නෑ මේවා ප‍්‍රමාද වෙනවා. මේවා නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරන්නෙ නැත්නම් ජනාධිපතිතුමාට වගකීමක් තියනවා මේ ආණ්ඩුවෙ අය කරපු දේවල් සම්බන්ධව හොයන්න කොමිෂන් දැම්මා වගේ ගිය ආණ්ඩුවෙ අය කරපු දේවල් සම්බන්ධවත් කොමිෂමක් දාන්න ඕනි’
– මිනුර රෂාන්ත
රාජපක්‍ෂලා හොරකම් කල ඩොලර් බිලියන් ගණන් හොයන කොමිසමක් පත් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..
2017-08-11T16:36:00+05:30
Gossip Lanka Hot News