gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවෙන් නේපාලයට කෝටි 15ක මූල්‍යාධාර

නේපාලයේ සංරක්ෂණ වැඩකටයුතු සඳහා ලංකාවෙන් කෝටි 15ක මුදලක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පුරා විද්‍යා සංරක්ෂණ හා සංවර්ධනය කිරීම සඳහා විහාරස්ථාන 150කට මුල්‍යාධාර ලබා දීමේ වැඩසටහන  පසුගියදා (15) එක්වෙමින් අගමැතිවරයා
මේ අදහස් පළ කළේය.

විහාරස්ථාන ගණනාවකට වෙනත් අදායම් මාර්ග නොමැති බවත් සංස්කෘත අරමුදලේ මුදල් විහාරස්ථාන ආරක්ෂාවට යෙදිය යුතු බව අගමැතිවරයා පැවසීය.

ක්‍රමානුකුලව රටේ ඉතිහාස උරුමයේ කොටසක් වන විහාරස්ථාන ආරක්ෂා කළ යුතු බවත් බුදුරජාණන් වහන්සේ උත්පත්තිය ලැබූ, ජිවත් වුණු ලුම්බිනිය හා කපිලවස්තු යන ප්‍රදේශවල නේපාලයේ සංරක්ෂණ වැඩකටයුතු සිදු කිරීමට මෙරටින් ආධාර උපකාර කරන බව ඒ මහතා පැවසීය.

ජපානෙන් පමණක් නේපාලයට උපකාර කරන බවත් ජපානයෙන් ලබා දෙන ආධාරවලට අමතරව ලංකාවෙන් 2018 හා 2019 වර්ෂ වෙනුවෙන් ඩොලර් දස ලක්ෂයක් එනම් කෝටි 15ක මුදලක් ලබා දීමේ වැඩකටයුතු ඉදිරියේදී සිදු කරන බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka