gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එක්දින තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව තමන් පන්දුවාර 10ම යැව්වොත් වෙනදේ මැතිව්ස් කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉන්දීය ක්‍රිකට් පිල සමග ලබන ඉරිදා ආරම්භ වන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේදී යළිත් පන්දු යැවීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

මෙම වසර මුලදී පැවැති දකුණු අප්‍රිකානු සංචාරය යටතේ පැවැති විස්සයි
විස්ස තරගයේදී කලවයේ මස්පිටු ඉරී යෑමේ ආබාධයකට ලක්වීමත් සමග ගෙවී ගිය කාලය පුරාම පන්දු යැවීමෙන් වැළකී සිටියේය.

මෙහිදී  අදහස් දක්වා සිටි ඇන්ජලෝ මැතිව්ස්, “මම කියන්නේ නැහැ මම පන්දුවාර 10ම දායිද කියලා. නමුත් නියතයෙන්ම මම පන්දු යවනවා” යැයි එක්දින තරගාවලියට නික්ම යෑමට ප්‍රථම සදහන් කර සිටියේය.

“පන්දුවාර 10ම දැම්මොත් මම හිතන්නේ නෑ ඉන්දියාව සමග පැවැත්වෙන ඔක්කොම තරග ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියලා. මගේ ආබාධිත තත්ත්වය සැලකීමට ගැනීමේදී උපරිමයම යෙදවීමෙන් අතිරේක පීඩනයක් දාගන්න මම යන්නේ නෑ” යි හිටපු නායකයා පවසයි.

එක්දින තරග 187කට සහභාගි වී ඇති මැතිව්ස් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 34.04ක් රදවා තබා ගනිමින් මුළු කඩුළු 111ක් බිද දැමීමට සමත්ව සිටියි. 30 හැවිරිදි විය ගෙවා දමමින් සිටින දකුණත් මද වේග පන්දු යවන්නාගේ හොදම පන්දු යැවීම ලෙස ඉන්දීය කණ්ඩායමට එරෙහිව 2009 වසරේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දවාගනු ලැබූ ලකුණු 20කට කඩුළු 6සටහන් වේ.

ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මාහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගෙන් උපදෙස් අනුව සිය පන්දු යැවීමේ පුහුණුවීම් ආරම්භ කළ බව පැවැසූ මැතිව්ස්, “සිම්බාබ්වේ තරගාවලියේ ඉදන්ම මම ටික ටික පන්දු යැවීම ආැරම්භ කළා. ඉන්දියාව සමග තරගාවලියේ පුහුණුවීම් වලදී එය ක්‍රම ක්‍රමයෙන් වැඩි කරා. කොහොමත් මම පන්දුවාර 4ක් හෝ 5ක් එක දිගට දාන්න තරම් තත්ත්වයකට දැන් පැමිණිලා ඉන්නවා කියලා හිතනවා. නමුත් කලින් කිව්වා වගේ පන්දුවාර 10ම දානවා කියන තැන නම් මම තාම නැහැ” යැයි සදහන් කර සිටියේය.

එක්දින තරගයකදී මැතිව්ස් අවසන් වරට පන්දු යවා ඇත්තේ ඉකුත් 2016 වසරේ ඕස්ට්‍රේලියානු පිල සමග රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයේදීය. එම තරගයේදී පන්දුවාර 7ක් ක්‍රියාත්මක කර ඇති මැතිව්ස් ලකුණු 30කට කඩුළු 2ක් දවා ගැනීමට සමත්ව තිබේ.

එක්දින දිවියේ ඉනිමක හොදම පන්දු යැවීම මෙන්ම එක්දින තරග දිවියේදී මැතිව්ස් රටකට එරෙහිව වැඩිම කඩුළු ලබාගෙන තිබෙන්නේද ඉන්දියාවට එරෙහිව වන අතර එහිදී තරග 31කදී කඩුළු 28ක් ඔහු බිද හෙළීමට සමත්ව සිටියි.

තරගාවලියට පිටත්ව යෑමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා එක්දින නායක උපුල් තරංග පවසා සිටියේ පන්දු යවන්නකු ලෙස මැතිව්ස්ගේ සේවය මෙම තරගාවලියේදී තම කණ්ඩායමට හිමි වන්නේ නම් කණ්ඩායමේ සමබරතාවය රැක ගැනීම සදහා එය මනා පිටුවහලක් වන බවයි.

“අපි බලාපොරොත්තු වෙනවා පන්දු යවන්නකු ලෙස මේ තරගාවලියේදී මැතිවස්ගේ (ඇන්ජලෝ) දායකත්වය අපිට ලැබෙයි කියලා. එහෙම වුණොත් ඒක අපිට ලොකු ශක්තියක් වේවි” යැයි තරංග පවසා සිටියේය.

ඇන්ජලෝ මීට පෙර ඉන්දියාවට එරෙහිව පන්දුවෙන් පෙන්නූ උපරිම දක්ෂතාවය පහතින් බලන්න….
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka