gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දූෂණය වූ දස හැවිරිදි දැරියට දරුවෙක්

දූෂණයට ලක්වීමෙන් අනතුරුව දරු ගැබ ගබ්සා කිරීමට අධිකරණයේ අනුමැතිය නොලැබුණු දස හැවිරිදි ඉන්දීය දැරියක සිය දරුවා බිහි කළාය.

තමන් දරුවෙකු බිහි කළ මවක බව දැරියට තවමත් වැටහීමක් නැත.

ගැබ් ගෙන සිටි කාලය ඇතුළත දෙමාපියන් ඇතුලු වැඩිහිටියන් දැරියට
පවසා තිබෙන්නේ කුස තුළ විශාල ගල් කැබැල්ලක් සිරවීම හේතුවෙන් අයගේ උදරය පිම්බී තිබෙන බවය.

චන්දිගාර් නුවර රෝහලකදී සිදු කරන ලද සිසේරියන් සැත්කමකින් අනතුරුව එම දැරිය කිලෝග්‍රෑම් 2.5 ක් (රාත්තල් 5.5 ක්) බරැති බිලිඳියක බිහි කර තිබේ.

මවත්, බිලිඳාත් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් බලධාරීහු පැවසූහ.

පසුගිය මාස හත ඇතුළත සිය මාමා කෙනෙකු විසින් කිහිප වතාවක්ම තමන් දූෂණය කළ බව දැරිය පවසන්නීය. චුදිත ඥාතියා දැන් අත්අඩංගුවේ පසු වේ.

ඇය ගැබ් ගෙන තිබෙන බව පසුගිය ජුලි මාසයේ අනාවරණය වූයේ උදරයේ වේදනාවක් පිළිබඳව ඇය වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

දෙමාපියෝ 'එපා' කියති

එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කෙරුණු නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ද පහළ අධිකරණයේ තීන්දුව අනුමත කළේය.

බිලිඳිය සති 35 ක් ඇතුළත උපත ලබා තිබෙන බැවින්, ඉදිරි සති කිහිපය ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රඳවා තැබීමට නියමිත බව බීබීසී යේ ගීතා පාන්ඩේ දිල්ලි අගනුවර සිට වාර්තා කරයි.

තමන්ට බිලිඳා අනවශ්‍ය බවට මුල සිටම කියා සිටි දැරියගේ දෙමාපියන් බිලිඳිය ගැන කිසිදු තැකීමක් නොකළ බව වාර්තා වන්නේ.

එබැවින් ඇය හදා වඩා ගැනීම පිණිස භාර දෙන තුරු ළමාසුභසාධක කමිටුවක් විසින් ඇය රැක බලාගැනීමට නියමිතය.

-බීබීසී සංදේශය



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka