gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බදු අඩුවීමත් එක්ක ජපන් බයික්වලට වෙන දෙයක් ගැන වාහන ආනයනකරුවන් හෙළිකරයි

මුදල් අමාත්‍යවරයා විසින් අද ප්‍රකාශයට පත් කළ බදු සංශෝධනය නිසා ඉදිරියේදී කුඩා ලොරි රථ සහ කැබ් රථ වල මිල රුපියල් ලක්ෂ 3 කින් පමණ අඩුවනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එසේම, එන්ජින් ධාරිතාව 150 ට අඩු යතුරුපැදිවල වටිනාකම මත පනවා
තිබූ සියයට 90 ක බදු ඉවත් කිරීම හේතුවෙන් ජපානයේ නිෂ්පාදිත යතුරුපැදි ඉදිරියේදී මෙරටට විශාල ලෙස ආනයනය කරනු ඇති බවයි එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කුඩා ලොරි රථ සහ කැබ් රථ මත පනවා තිබූ නිෂ්පාදන බද්ද රුපියල් ලක්ෂ 3 කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

විෂය භාර අමාත්‍ය මංගල සමරවීර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ එන්ජින් ධාරිතාවය 150ට අඩු යතුරුපැදි සදහා පනවා තිබූ නිෂ්පාදන බද්ද ද සියයට 90 කින් අඩු කළ බවයි.

විදුලි සංදේශ සේවා මත පනවා තිබූ සියයට 10 ක බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා එහිදී සදහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka