gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හය මාසෙකට තරම් ලන්ච් ෂීට් වෙළෙඳ පොළේ

සැප්තැම්බර් පළමුවන දින සිට ලන්ච් ෂීට් හා ෂොපින් බෑග් තහනම් කරන බවට රජය ප්‍රකාශ කරන විට මාස 06කට වැඩි කාලයකට අවශ්‍ය එම ද්‍රව්‍ය වෙළෙඳ පොළට නිකුත් අවසන් බව පොලිතින් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව තවත් මාස කිහිපයකට අවශ්‍ය ලන්ච් ෂීට් හා ෂොපින් බෑග්
කර්මාන්තකරුවන්ගේ ගබඩාවල ගබඩා කර තිබූ බවද එම සංගමය පෙන්වා දෙයි.

මෙම ද්‍රව්‍ය සැප්තැම්බර් පළමුවන දින සිට තහනම් කරන බවට තීරණය කරනු ලැබුවේ සති 06කට පෙර නමුත් තවමත් හඳුන්වාදෙන විකල්ප ක්‍රමවේදයන් කුමක්ද යන්න පිළිබඳ කර්මාන්තකරුවන් දැනුවත් කර නොමැති බවද ඔවුහු පවසති.

මේ නිසා මෙම තහනම මාස 06කින් දීර්ඝ කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමට සැලසුම් කර තිබෙන බවද එම සංවිධානයේ නියෝජිතයෙකු සඳහන් කළේය.

දිනකට ලන්ච් ෂීට් මිලියන 15කුත්, ෂොපින්බෑග් මිලියන 20කුත් අවශ්‍ය බවද එම සංගමය පෙන්වා දෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka