gossip lanka

රංගන හේරත්ට මීලඟ ටෙස්ට් තරඟය අහිමිවෙයි


ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ඉන්දියාව සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයට ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ ප්‍රකාශ කළා.

සුපිරි ක්‍රීඩක රංගන හේරත් ටෙස්ට් තරඟ 83 කට ක්‍රීඩා කරමින් කඩුලු 389 ක් දවාගෙන තිබෙනවා.

රංගන හේරත් SSC පිටියේ පැවති දෙවන ටෙස්ට් තරඟයේදී මෙම ආබාධයට ලක්ව ඇති බවයි ක්‍රිකට් ආරංචි
මාර්ග සඳහන් කරන්නේ.

රංගනගේ ආබාධය හේතුවෙන් ඔහු තෙවන ටෙස්ට් තරඟයට එක්නොවන බවයි වැඩිදුරටත් වාර්තා වූයේ.

මේ අතර රංගන හේරත් ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරඟයේදීද ආබාධයකට ලක්වූ අතර පසුව මද වෙලාවකින් පසුව ඔහු එම තරඟයට නැවත එක්වූවා.



gossip lanka