ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස හිටපු වේගපන්දු යවන්නකු වූ රුමේෂ් රත්නායක පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.
2011 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙසද කටයුතු කළ 53 හැවිරිදි රුමේෂ් රත්නායක මහතා මීට පෙර ශ්‍රී ලංකා
අවුරුදු 19න් පහළ පිලේ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙසත්, 2015 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ පුහුණු උපදේශකයකු ලෙසත් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කළ චමින්ද වාස් නැවතත් අවුරුදු 19න් පහළ සංචිතයට අනුයුක්ත කිරීමට නියමිතව ඇති අතර, රුමේෂ් රත්නායක එළැඹෙන සැප්තැම්බර් මාසයේදී නව තනතුරේ වැඩ භාර ගැනීම නියමිතව ඇති බවද පැවසෙනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 23කට සහභාගි වී කඩුලු 73ක් හා එක්දින තරග 70කට සහභාගි වී කඩුලු 76ක්ද ලබා ඇති රත්නායක 2007 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසද කටයුතු කර තිබෙනවා.
රුමේෂ් ආවොත් – චමින්ද වාස්ට වෙනදේ
2017-08-08T14:21:00+05:30
Gossip Lanka Hot News








