ඩෙංගු වසංගතය ඇතුළු මදුරුවන් නිසා බෝවන රෝග මර්දනයට මදුරු කොයිල් භාවිතය ඉහළ යාමෙන් ඇදුම මුල්කරගත් ශ්වසන රෝග තත්ත්වයන්ද ඉහල ගොස් ඇතැයි වාර්තා වේ.
සිගරට් 175ක විෂ එක මදුරු කොයිල් එකක ඇති බව පැවසෙන අතර ඇදුම හදන ලොකුම හේතුවක් වන්නේද මදුරු කොයිල් බව පැවසේ.
මේ තත්ත්වයන් හේතුවෙන් දකුණු ආසියාවේ ඇදුම අධිකම රටවල් අතර
ලංකාවත් පෙරමුණේ සිටින බවද පැවසෙන අතර ලංකාවේ ඇදුම රෝගීන් වසරකට ලක්ෂ 2කටත් වැඩි බවද වාර්තා වේ.
අදුමට දුම්පානයක් ප්‍රධාන හේතුවක් වන බව පැවසෙන අතර වායු දූෂණය ඇදුම රෝගීන් ඉහල දැමීමේ තවත් හේතුවක් බව පැවසේ.
මොකක්ද මේ ඇදුම?
නාසයේ සිට පෙනහළු කරා වාතය ගෙනයන මාර්ගය කුඩා නාලිකා රැසකින් තැනී පවතී. මේවා ශ්වසන නාලිකා ලෙස හඳුන්වයි. මේ නාලිකාවල ඇතුළත බිත්තිය ඉදිමීමට ලක්වී නාලය පටු වී ඒ තුළ සෙම එකතු වීම නිසා වාතය ගමන් කිරීමට අවහිරතා මතුවෙයි. පෙනහළු තුළට ඇතුළුවන වාතය නැවත පිට කිරීමට මෙහිදී ප්‍රධාන වශයෙන්ම බාධා පැමිණේ. මේ නිසා වාතය පිට කිරීමට අමතරව වෙහෙසක් දැරීමට සිදුවෙයි. ඇදුම ලෙස හඳුන්වන්නේ මෙයයි.
මදුරු කොයිල් ඇදුම ලෙඩ්ඩු ගොඩ වැඩිකරලා !
2017-08-08T15:26:00+05:30
Gossip Lanka Hot News








