gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුටින්, මෛත්‍රීට දුන් කස්තානය කෞතුකාගාරයට

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රුසියානු සංචාරය අතරතුරදී එරට ජනපති ව්ලැද්මීර් පුටින් විසින් සමරු තිළිණයක් ලෙස ලබා දුන් ඓතිහාසික කස්තානය ඊයේ (02දා) පෙරවරුවේදී ජාතික උරුමයක් බවට පත් කරමින් ජාතික කෞතුකාගාරය වෙත භාරදෙනු ලැබීය.

ඊයේ (02දා) පෙරවරුවේ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සංස්කෘතික
කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා වෙත නිල වශයෙන් භාරදුන් එය ජාතික උරුමයක් ලෙස කෞතුකාගාරයේ අවි ආයුධ මැදිරියේ තැන්පත් කෙරිණි.

වසර 44කට පසුව ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයකු රුසියාවේ ප්‍රථම වරට සිදු කළ තුන් දින නිල සංචාරය සනිටුහන් කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත එරට ජනපති ව්ලැද්මීර් පුටින් රුසියානු සමූහාණ්ඩුවේ අපරාධ නීති සංග්‍රහයට අනුව ආරක්ෂිත වස්තුවක් වූ මහනුවර යුගයට අයත් කස්තානය පිළිගැන්වූයේ ඉකුත් මාර්තු මාසයේදීය.

කඩු කස්තාන අතුරුදන්වූ රටක :

එක් යුගයක කෞතුකාගාරයේ කඩු කස්තාන අතුරුදන්වූ රටක රාජ්‍ය නායකයකු විසින් තමන්ට ලැබුනු ත්‍යාගයක් කෞතුකාගාරයට පරිත්‍යාග කිරීම අගය කළ යුතු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සූරිය මහතා පෙන්වා දෙයි.

ඊයේ  (02) පැවති රුසියානු  ජනපති වැලැඩිමියර් පුටින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් ලෙස පිරිනැමූ කස්තාන කඩුව ජාතික උරුමයක් බවට පත් කිරීමේ අරමුණින් ජාතික කෞතුකාගාරයට බාරදීමේ අවස්ථාව සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඔහු මෙය සඳහන් කර ඇත.

මෙවැනි ත්‍යාගයක් කෞතුකාගාරයට පරිත්‍යාග කළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය ලෙස එම උත්සවයේදී සඳහන් කළ බව ඔහු කියා සිටියි.

එම සටහන පහතින් දැක්වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka