gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙල් කරවලෙකු ගෙට දමා පවුලක් ඝාතනය කරන්න අයෙකු කරපු පහත් වැඩේ

පවුලක් ඝාතනය කිරීම සඳහා විෂඝෝර සර්පයෙකු යොදා ගත් බවට සැකකරන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කුඹුක්ගැටේ පොලීසිය සඳහන් කරනවා.

මෙම ගම්මානයේ පවුලක් ජීවත් වන කඩකාමරයකට පුද්ගලයෙකු පසුගිය
(31 දා) සර්පයෙකු කෝටුවකින් දැමීමට උත්සාහ කර තිබෙනවා.

ගෙහිමි කාන්තාව එය දැක කෑ ගැසූ පසු එය ඇසී ප්‍රදේශවාසීන් පැමිණ සැකකරුව අල්ලා සර්පයාද සමග පොලීසියට භාරදී තිබෙනවා.

පෞද්ගලික කෝන්තරයක් මත මේ ඝාතනය සිදු කිරීමට උත්සාහ කර තිබෙනවා.

මෙම සර්පයා පරීක්ෂා කළ වෛද්‍යවරුන් එම සත්වයා විෂඝෝර සත්ත්වයෙකු වන තෙල් කරවලයෙකු බව හෙළිකර තිබෙනවා.

සැකකරු පෙරේදා (01දා) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම  ගම්මානයේ මීට පෙරද නිවෙස් තුලදී කුඩා ළමුන් දෙදෙනෙකුට තෙල් කරවලයෙකු දෂ්ට කිරීමේ සිද්ධියක් වාර්තා වූ අතර එයටත් මේ  සැකකරු සම්බන්ධදැයි සොයා බලමින් සිටින බව කුඹුක්ගැටේ පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka