නාරාහේන්පිට දාබරේ මාවත ප‍්‍රදේශයේ දී ගංජා මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 01කට අධික ප‍්‍රමාණයක් සමග පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාරාහේන්පිට පොලිසිය සමත් වුණා.
ඒ මේ ගංජා තොගය මෝටර් රථයකින් ප‍්‍රවාහණය කරමින් සිටියදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කොළඹ මහනගර සභාවේ නාගරික
මන්ත‍්‍රීවරියකගේ ඥාති සහෝදරයෙකු ද වන බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකරු කලක පටන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවද මේ වන විට අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් තිදෙනාගෙන් තවදුරටත් ප‍්‍රශ්න කිරීම් සිදු කරනවා.
මන්ත්රීවරියකගේ සොහොයුරෙකුගේ ගංජා ජාවාරමක් හසුවෙයි
2017-08-03T09:17:00+05:30
Gossip Lanka Hot News