gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෙට විරෝධතා ගොඩායි

හෙට දිනයේ ඒ කිව්වේ අගෝස්තු දෙවැනිදා ලංකාව පුරා විරෝධතා රැසක් පැවැත්වෙන්න නියමිතව තියෙනවා කියලා වාර්තා වෙනවා.

ජල සම්පාදන, විදුලිය, තැපැල්, දුම්රිය ඇතුළු තවත් රාජ්‍ය ආයතන වගේම
පුද්ගලික ආයතන කිහිපයක් එකතුවෙලා වර්ජන කරන්න සූදානම් වෙනාව කියලා තමයි වාර්තා වෙන්නේ.

මේ අතරින් ජල සම්පාදන, විදුලිය වගේම තැපැල් සේවකයින් විරෝධතා කරන්න හේතුව තමයි සයිටම්.

ඒ අනුව හෙට (02) දවල් 12ට ජල සම්පාදන හා ජලාපවහන ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවයක් පැවැත්වෙන අතර, මධ්‍යම තැපැල් මූලස්ථානය ඉදිරිපිටදී සයිටම් විරෝධී බැනරයක් අත්සන් කරන්න එම වෘත්තීය සංගම් කටයුතු සූදානම් කරලා තියෙනවා.

ඒ වගේම ලංකා විදුලි සේවක සංගමය සයිටම් ආයතනය අහෝසි කිරීමේ ඉල්ලීමද ඇතුළුව තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් හෙට විරෝධතාවයක් සිදුකරනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම කාර්යාලවල හෙට කළු කොඩි දමා, ප්‍රධාන කාර්යලය ඉදිරිපිට දහවල් දොළහට විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න නියමිතයි.

එම ආයතන සයිටම් විරෝධී විරෝධතා ව්‍යාපාර සිදුකළත් දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රී 12 සිට සිය රාජකාරි වලින් ඉවත් වන්නේ එන්ජින් සහායක රියැදුරන් බදවා ගැනීමට විරුද්ධව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා කියන්නේ චීන මැදිරි සහිත දුම්රිය සහ එස් 10 බලවේග කට්ටල මගින් ධාවනය වන සියලු දුම්රියවල සේවකයන් වැඩ වර්ජනයට සහභාගි වනවා කියලයි.



ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka