gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආදිවාසී නායකයාගෙන් පොලිතින් මලු වලට ආදේශකයක්

පොලිතින් මලු වෙනුවට පන් ගසෙන් වියන ලද මලු තම ආදිවාසී ජනතාව අතර ප්‍රචලිත කරන පරිසර හිතකාමී වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව හේනානිගල ආදිවාසී නායක  තලාවරිගේ ගුණබණ්ඩාර ඇත්තෝ පවසති.

මනම්පිටිය පන් පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණයකට එක්වූ අවස්ථාවේ
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

"මේ රටේ ඩෙංගු මදුරු වසංගතයට, කුණු කසළ ගැටලුවට ප්‍රධාන හේතුව මිනිසුන් පොලිතින් මලු පාවිච්චි කිරීමයි. ඒවා දිරාපත් වන්නේ නැහැ. දවසින් දවස පරිසරයට එකතුවෙලා ගොඩගැහිලා මිනිසුන් ලොකු ගැටලුවලට මුහුණ දෙනවා. ඒවා නිසා මිනිසුන් ලෙඩ වෙනවා.රජය ඒ වෙනුවෙන් ලොකු මුදලක් වෙන්කරලා ප්‍රතිකාර හා දැනුවත් කිරීම් කරනවා.එදා අපේ ජනතාව පාවිච්චි කළේ පොළොවට දිරාපත්වන දේවල්. එදා හුරුව අතට ගනිමින් අපි  අපේ හේනානිගල ආදිවාසී ඇත්තන්ටත් පන් ගසෙන් වියන මලු ලබා දෙනවා".

පරිසරය රැකගන්න මෙන්ම රටටම ආදර්ශයක් ලෙස පොලිතීන් භාවිතයෙන් ඉවත් වන බව පවසන ඔහු, මේ සඳහා ක්‍රියාකිරී ලෙස දායක වන මෙන් පරිසර සංවිධානවලින් මෙන්ම ජනාධිපතිතුමාගෙන් ද ඉල්ලීමක් කරන බව සඳහන් කළේය.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka