gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද මැච් එකට පොලිසියෙන් 1,000ක්

මෙරට ක්‍රිකට් ඉතිහාසය තුළ ප්‍රථමවරට ක්‍රිකට් තරගයක් සඳහා ලබා දෙන වැඩිම පොලිස් ආරක්ෂාව අද (31දා) දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ලංකා - ඉන්දියා සිවු වැනි එක්දින තරගය සඳහා ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා තිබේ.
මෙම තරගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දහසකට අධික පිරිසක් ඒ අනුව යොදවා ඇතැයි ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවසීය.

මීට අමතරව කැරැලි මර්දන කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් කිහිපයක් ස්ථාන ගත කර ඇති බවද එම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය.

ක්‍රීඩාලෝලීන් ප්‍රේක්ෂකාගාරය තුළට පැමිණීමට පෙර ඔවුන් දැඩි පරීක්ෂාවට ලක් කරන බවත් ප්‍රේක්ෂකාගාරය තුළට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරි කණ්ඩායම් කිහිපයක් ස්ථාන ගත කිරීමට කටයුතු යොදා ඇති බවත් එම පොලිස් නිලධාරියා කියා සිටියේය.

එසේම ක්‍රිකට් තරගයට බාධා වන අයුරින් තරගය මැද ක්‍රීඩාපිටියට පනින තැනැත්තන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සූදානම් කර ඇති බවද වැඩිදුරටත් අදහස් දැක්වූ එම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසීය.

දඹුල්ලේ සහ පල්ලේකැලේ පැවැති තරගවලදී ක්‍රීඩාලෝලීන් දැක්වූ කලහකාරී හැසිරීම හේතු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොලිස් මූලස්ථානයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළ සකස් කර ඇත.

-මව්බිම



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka