gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිතින් වෙනුවට කෙසෙල් කොළ භාවිතයට පුහුණුවක්

පොලිතින් අර්බුදයට පිළියමක් ලෙස කෙසෙල් කොළ පදම් කර භාවිත කිරීම සම්බන්ධ පුහුණු වැඩසටහනක් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා සම්පත් මධ්‍යස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්වෙයි.

මේ සම්බන්ධව උනන්දුවක් දක්වන ඕනෑම අයකුට මේ සඳහා සහභාගි විය හැකි බවත් මෙමඟින් පොලිතින් භාවිතය වෙනුවට කෙසෙල් කොළ
භාවිත කිරීම සම්බන්ධව මනා දැනුමක් ලබාගත හැකිවන බවත් නොච්චියාගම විද්‍යා හා තාක්ෂණ නිලධාරි ආනන්ද අබේරත්න මහතා පවසයි.

මේ පුහුණු වැඩමුළුව මධ්‍යම නුවර ගම්පළාත විද්‍යා හා තාක්ෂණ නිලධාරි සරත් ගුණරත්න මහතා විසින් පවත්වනු ලබයි.

පොලිතින් තහනම ජනවාරි සිට

සැප්තැම්බර් 01 වැනිදා සිට පොලිතින් ආනයනය, නිෂ්පාදනය හා භාවිතය තහනම් කළද ඒ සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග ගන්නේ ලබන ජනවාරි 01 සිට බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

පොලිතින් තහනම නිසා අසාධාරණයට ලක්වන නිෂ්පාදකයන්, හා ඒ ආශ්‍රිත කර්මාන්තවල නිරතවන්නන් හා වෙළෙන්දන් විකල්ප වෙත යොමු කිරීම සඳහා කටයුතු කිරීමට කමිටුවක්ද පත් කර ඇත.

 කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවට පරිසර අමාත්‍යාංශයේ ලේකම්, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, කාර්මික තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ නියෝජිතයකුද ඇතුළත් වෙති.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka