gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිසිය මහරෑ ඇවිත් පරිසරවේදීන්ට තර්ජනය කරයි

පාරිසරික ක්‍රියාකාරිකයින්ට පොලීසියෙන්  තර්ජන එල්ලවන බවට පරිසර හා සොබාදහම් මධ්‍යස්ථානය ජනාධිපතිවරයා,පොලිස්පතිවරයා,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ.

කුරුණෑගල පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරීන් සය දෙනෙකු ,පරිසර හා සොබාදහම් මධ්‍යස්ථානයේ පාරිසරික
ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන සංජීව කුලතිලක ගේ නිවසට මධ්‍යම රාත්‍රියේ පැමිණ ඔහුව හා පවුලේ අයව බියවද්දා ඇති අතර  පරිසර හා සොබාදහම් මධ්‍යස්ථානය සතු පෝස්ටර් ගෙනවිත් දෙන ලෙස තර්ජනය කර ඇති බවත් එම සංවිධානය පවසයි.

පරිසර සංරක්ෂණය ව්‍යවස්ථා දායක අයිතියක් බැවින් එයට මෙලෙස බාධා පමුණුවන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙස පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ජනාධිපතිවරයාගෙන්  ඉල්ලා සිටියි.

අදාල ලිපිය පහතින් කියවන්න

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka