gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනියම් බිරිය ගෙදර යන්න නාවයි අයෙක් ගිනිතියන් !


අනියම් බිරිඳ සොයා ගොස් ඇය නොපැමිණීම නිසා උරණ වී සිය සිරුරට ගිනි තබාගත් අයෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව දංකොටුව පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ දංකොටුව - යෝගියාන ප්‍රදේශයේ උළු මෝලක
සේවය කරමින් සිටි වනසිංහ ආරච්චිගේ ගුණතිලක (අවු:40) නම් අයෙකි.

විවාහකයෙකු වන ඔහු බිරිදගෙන් වෙන්වී සිට ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

මිය ගොස් ඇති අය යෝගියාන ප්‍රදේශයේම ඇති (මීමැස්සා) උළු කර්මාන්ත ශාලාවක සේවය කරන (ලෙච්චමී) නම් කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

පසුගිය 24 වැනිදා දහවල් 2.40 ට පමණ ඔහු තම අනියම් බිරිඳ සේවය කරන උළු කර්මාන්ත ශාලාව ඉදිරියට ගොස් ඇයට තමන් සමඟ යාමට පැමිනෙන ලෙස අඩ ගසා ඇති බව පැවසේ.

කෙසේවුවද, එම කාන්තාව ඊට එකඟතාව පලකර නොමැති අතර ඉන් පසුව මියගිය අය එම ස්ථානයේදීම තම සිරුරට ගිනි තබා ගෙන ඇත.

පසුව එම ස්ථානයේ සිටි අය ඔහුව ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර ඔහු සවස 6.00 ට පමණ මිය ගොස් ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

-ජුඩ් සමන්ත


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka