තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රූමත් කාන්තාවක් සිය අනියම් සැමියා හා තවත් දෙදෙනෙකු සමග සුඛෝපභෝගී කාර් රථයකින් රන් මාල කැඩීමේ ජාවාරමේ නිරත වෙමින් සිටිය දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ සුදු පැහැති සක කටයුතු මෝටර්
රථයක් සැරිසරනු දුටු පිරිසක් ඒ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබෙනවා.
කාන්තාව විසින් පැදවූ මෝටර් රථය එහිදී පොලිස් අත්අඩංගුවට ගත අතර පිටුපස ව්‍යාජ අංකයක් කොලයක ලියා අලවා තිබු බව එහිදී අනාවරණ වුනා.
මත්කුඩු ග්‍රෑම් 3ක් ද මෝටර් රථයේ සිටි දෙදෙනෙකු සතුව තිබී හමුවුනා.
දීර්ඝ ලෙස පොලිසිය ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ වාහනයේ සිටි එක පුද්ගලයෙක් කාන්තාවගේ අනියම් සැමියා බවයි.
අනෙක් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමේ දී හඳුනාගත් ගල්කිස්ස බඩෝවිට පුද්ගලයන් බව හෙළි වුනා.
කාන්තාව පිටකෝට්ටේ පදිංචිකාරිනියක් වන අතර අනියම් පෙම්වතා කලින් මහනුවර ප්‍රදේශයේ බැංකු ශාකාවක සේවය කර පසුව කාන්තාව හඳුනා ගැනීමෙන් පසු රැකියාව හැර දමා ඇය සමග ජිවත් වීමට පැමිණ තිබෙනවා.
රූමත් කත ඇතුළු මොවුන් තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අතර කාර් රථයේ තිබී කඩා ගත රන් මාල 7ක් සොයා ගත්තා.
කාන්තාව මිට පෙර සමාජ ශාලාවක රැකියාව කර තිබෙනවා.
මහනුවර ප්‍රදේශයෙන් කුලී පදනම මත සුඛෝපභෝගී හයිබ්‍රිඩ් කර් රථයක් ගෙන පානදුර පින්වත්තෙන් සුඛෝපභෝගී නිවසක් කුලී පදනම මත ගෙන රන් මාල කඩාගෙන සුඛෝපභෝගී ජිවිතයක් ගත කර ඇති බවද පොලිසිය හෙලි කරගෙන තිබෙනවා.
තවත් ස්කුටරයක් කාන්තාව සතුව ඇති අතර ඇතැම් විට එයින් ගොස් රන් මාල කඩන බවද අනාවරණ වුනා.
තනිව පාරේ සිටින හෝ යන එන කාන්තාවන්ට පළමුව ඉංග්‍රීසියෙන් ලියූ ලිපිනයක් පෙන්වන මෙම කල්ලිය එය කියවද්දී එම කාන්තාවගේ රන් මාල කඩා පලා යන බවද හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කළා.
තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රූමත් කත අනියම් සැමියා සමඟ කළ වැඩේ මාට්ටු -[Video]
2017-08-04T14:04:00+05:30
Gossip Lanka Hot News








