gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉංගිරිය පොලීසිය ඇතුළේදීම සැමියා බිරිඳට ලොකු අපරාධයක් කරලා

පවුලේ අභ්‍යන්තර ආරවුලක්‌ හේතුවෙන් සිය සැමියාට එරෙහිව පැමිණිල්ලක්‌ කිරීම සඳහා ඉංගිරිය පොලිසිය වෙත පැමිණ සිටි බිරිඳට පිහියෙන් අනින ලද පුද්ගලයෙක්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

කාලාන්තරයක්‌ මුළුල්ලේ පවුලේ ආරවුල් පැවැති අතර අදාළ සිදුවීම වූ
දිනද මෙම කාන්තාව පොලිසියට පැමිණ ඇත්තේ සිය සැමියා පිළිබඳ පැමිණිලි කිරීමටය. ඒ අතර කාලයේ එම කාන්තාවගේ පියාට සැකකරු විසින් පහර දී කපා තුවාල කර ඇති අතර ඔහු ද ලේ ගලන තුවාල ද සහිතව ත්‍රිරෝද රථයක නැගී ඉංගිරිය පොලිසියට පැමිණ ඇත.

ඒ පසුපසින් හඹාගෙන පැමිණ ඇති සැකකරු පොලිස්‌ පරිශ්‍රය තුළ රැඳී සිටි සිය බිරිඳටද පිහියෙන් පහර දී තිබේ. පොලිස්‌ නිලධාරීන් වහා මැදිහත්වී කාන්තාව සැකකරුගෙන් මුදාගෙන ඇත. පසුව වහාම පොලිස්‌ පරිශ්‍රයේ වූ සුවසැරිය ගිලන් රථ සේවය මඟින් හොරණ මූලික රෝහල වෙත කාන්තාව යෑවීමට පියවර ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඉංගිරිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

-දිවයින

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka