gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙඩි වැදීමෙන් මියගිය පොලිස් සැරයන්ගේ බිරිය පොලිස් සේවයට

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන්ට ආරක්ෂාව සපයමින් ගමන් කරමින් සිටියදී වෙඩි වැදීමෙන් මියගිය පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍රගේ බිරිද වන කේ.ජී.පී කුමුදුනී යළි පොලිස් සේවයේ පිහිටුවීම සදහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

එහි ලේකම් ආරියදාස කුරේ සදහන් කළේ පොලිස්පති පූජිත් ජයසුන්දර
කරන ලද ඉල්ලීමකට අනුව කොමිසම මෙම අනුමැතිය ලබාදුන් බවයි.

මියගිය පොලිස් සැරයන්වරයාගේ බිරිද පොලිස් කොස්තාපල්වරියක් ලෙස සේවය කළ අතර, ඇය මීට වසර 5 කට පමණ පෙර පොලිස් සේවයෙන් ඉවත් වී තිබෙනවා.

කෙසේ වෙතත්, සිය සැමියා මියයාමෙන් පසු ඇති වී තිබෙන ආර්ථික දුෂ්කරතා සලකා තමන්ව යළි පොලිස් සේවයට එක් කර ගන්නා ලෙසයි ඇය පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබුණේ.

පසුගිය මස 22 වනදා යාපනය නල්ලුර් ප්‍රදේශයේදී එල්ලවු වෙඩි ප්‍රහාරයෙන් මහාධිකරණ විනිසුරු එම් ඉලන්චේලියන්ගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වුනා.

තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබුවා.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka