gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මොණරාගල සහ තංගල්ල රෝහල් වල ඖෂධ හිගයක් නෑ

මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සහ තංගල්ල මුලික රෝහලේ කිසිදු ඖෂධ හිගයක් නොමැති බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යවරයා සිදුකළ සොයාබැලීමකදී අදාල රෝහල් අධ්‍යක්ෂකවරුන් මේ සම්බන්ධයෙන් ලිඛිතව ඇමතිවරයා වෙත ඒ බව තහවුරු කර තිබේ.

අදාල රෝහල්වලට ප්‍රතිකාර ලබාගැනීම සදහා පැමිණෙන රෝගීන්ට ඖෂධ වට්ටෝරු පත් දෙක බැගින් නිකුත් කරන බවට විපක්ෂයේ ප්‍රධාන
සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා ඊට පිළිතුරු ලෙස පැවසුවේ ඒ සම්බන්ධයෙන් සෙයා බලන බවයි.

අනුර දිසානායක මහතාගේ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව එම රෝහල්වල අධ්‍යක්ෂවරු පවසති. වෛද්‍යවරුන් විසින් නිගමනය කරන ඖෂධ සියල්ල බාහිර සහ නේවාසික රෝගීන්ට අඛණ්ඩව ලබාදෙන බවත්, කිසිදු ඖෂධ හිගයක් නොමැති බවත් එම රෝහල්වල අධ්‍යක්ෂවරුන් නිකුත් කළ මෙම ලිපිවල සඳහන් වෙයි.

මොණරාගල සහ තංගල්ල රෝහල්වල අධ්‍යක්ෂවරු නිකුත් කළ ලිපි පහතින් දක්වා ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka