gossip lanka

ගබ්සාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය..

විශේෂ අවස්ථාවන් දෙකකදී මවගේ කැමැත්ත මත ගබ්සා කිරීමට අවස්ථාව ලබා දීමට වූ කැබිනට් යෝජනාවකට ඇමති මණ්ඩලය විසින් අනුමැතිය දී ඇත.

අතවරයකට ලක්ව ගැබ් ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා
මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් ඒ අනුව ගබ්සා කිරීමට අනුමැතිය ලැබෙයි.

කෙසේ වෙතත් මේ සදහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු අනුමැතිය ලබා දිය යුතු අතර සැත්කම සිදු කල යුත්තේ රජයේ රෝහලක දී පමණකි.





gossip lanka