gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පව් වලින් මිදෙන් අපිත් එක්ක එකතු වෙන්න!

තමන් කළ පව් වලින් මිදීමට වහාම තනතුරු අතහැර දමා එකාබද්ධ විපක්ෂය හා එකතු වෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට ආරාධනා කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ඊයේ(13) දඹුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

වර්තමානය වනවිට රට විශාල අගාදයකට ඇද වැටී ඇති බවත්,
අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව නෙළුම් අල ආහාරයට ගන්නා තත්ත්වයට පත්ව ඇති බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම දුප්පතුන්ට හිරිහැර රැසක් සිදුවන බවත්, එම තත්ත්වයට රට පත්කිරීමේ පාප කර්මයෙන් මිදෙන ලෙස රාජපක්ෂ මහතා ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමති වරුන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

අද රටේ පවතින තත්ත්වය ජනතාව දන්නා බවත්, ආණ්ඩුව තුළ සිටින මැති ඇමතිවරුන්ද කා කොටා ගන්නා බවත් ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම පෙරදා තමන්ට හොරා කියූ පිරිස වර්තමානයේ අරූ හොරා මු හොරා කියමින් හංවඩු ගසන බවත්,  දැන් බලනවිට  ඔක්කොම හොරු බවට පත්වී ඇති බව ඒ අය විසන්ම ප්‍රකාශ කරන බව ඒ මහතා පැවසීය.

එමෙන්ම රටේ සම්පත් නොවටිනා බව පවසමින් විකුණා දමන බවත්, ඒවා වටින්නේ නැතිනම් විකුණන්නේ කොහොමදැයි තමන් ප්‍රශ්න කරන බවත් ඒ මහතා කියා සිටියේය.

මේ විකුණුම් හරහා ලැබෙන කොමිස් මුදල් පිළිබඳව සෙවිය යුතු බවද ඒ මහතා පැවසීය.

රටේ ජනතාවට බර පටවනු ලබන්නේ ණය නිසා නොවන බවත්, බැඳුම්කර සොරකම වසා ගන්නට බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka