gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුරුණෑගල දී රිය අනතුරු දෙකක් - දෙදෙනෙකු මරුට

කුරුණෑගල ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එක් අනතුරක් සිදු වුණේ කුරුණෑගල දඹුල්ල ප‍්‍රධාන මාර්ගයේ බඩල්ගමුව රක්ෂිත ප‍්‍රදේශයේ.

යුද හමුදා නිලධාරීන් ප‍්‍රවාහනය කරමින් සිටි බස් රථයක් සහ ලොරි
රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදු වුණා.

බස් රථයේ පාපුවරුවේ ගමන් ගත් හමුදා නිලධාරියෙක් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර එම ප‍්‍රදේශයේම සිදු වූ තවත් රිය අනතුරකින් 38 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අනතුර සිදු වුණේ ජීප් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන්. අනතුරින් ත‍්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයා මිය ගොස් තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka