gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එංගලන්තයේදී විස්සයි විස්ස තරඟයකදී ලෝකෙටම පේන්න වැඩ පෙන්නපු චමරි

එංගලන්තයේ  ඊයේ (18) පැවති  විස්සයි විස්ස ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී චමරි අතපත්තු තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන්නට සමත්ව තිබුණා.

චමරි ඊයේ පැවති  තරඟයේ මෙලෙස දැක්වූ දක්ෂතා නිසා ඇය
නියෝජනය කළ යොක්ෂයර් ඩයමන්ඞ්ස් කණ්ඩායම ලාෆ්බොරොව් ලයිට්නින්ග් කණ්ඩායමට එරෙහිව ලකුණු 17ක විශිෂ්ඨ වූ ජයක් ලබා ගන්නට සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් යෝක්ෂයර් ඩයමන්ඞ්ස් කණ්ඩායම හමුවේ නියමිත පන්දුවාර 13 ක් තුළ කඩුලු 05ක් දැවී ලකුණු 110ක් රැස් කළා.

සිය කණ්ඩායමට ප්‍රවේගකාරී ආරම්භයක් ලබාදෙමින් චමරි අතපත්තු පන්දු 40 කදී නොදැවී ලකුණු 66 ක් රැස් කළඳ වර්ෂාවෙන් බාධා එල්ල වීම
තරගය පන්දුවාර 13කට සීමා කෙරුණා.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා මෙම තරගය පන්දුවාර 13කට සීමා කෙරුණා.

තරඟයේදී ඇය රැස්කළ ඉණිමට 04 පහර 09ක් සහ 06 පහර 02ක් ඇතුළත්. ලකුණු 111ක ඉලක්කයක් හඹා ගිය ලාෆ්බොරොව් ලයිට්නින්ග් කණ්ඩායමට නියමිත පන්දුවාර 13 දී කඩුලු 05ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 93 ක් පමණයි.

තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වමින් චමරි අතපත්තු ලකුණු 11කට කඩුලු 02ක් දවා ගනිමින් ඊයේ පැවති විස්සයි විස්ස ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ද දිනා ගනු ලැබුවා.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka