gossip lanka

පුත්තලම සිමෙන්ති සමාගමේ ගින්නක්

පුත්තලම සිමේන්ති සමාගම් භුමියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇති හටගත් ගින්න නිවා දැමීමට පොලිසිය ගිනි නිවන හමුදාව සහ ගුවන හමුදාව දැඩි වෙහෙසක් ගන්නා බව පුත්තලම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගිනි මැඩපැවැත්වීමට ජලය සපයා ගැනිමට ස්ථානයක් නොමැති විම
ගින්න නිවීමට ප්‍රශ්නයක්වී ඇතැයි ගිනිනිවන භටයෝ පවසති.

සිමේන්ති සමාගමේ අලියාඩ්  කසල විනාශ කිරීමේ අංගනය තුළ මෙම ගින්න හටගෙන ඇත.  දිවයිනේ විවිධ ප්‍රදේශ වල ඇගළුම් කර්මාන්ත ශාලාවලින්  පුළුස්සා විනාශ කිරීම සදහා  රැගෙන විත් තිබු අපත් කල රෙදි  හා තවත් දෑ අසුරා තිබු ස්ථානයට නුදුරින් ගින්න ඇවිලි ගොස් තිබු බව කියයි .

ගිනි හටගත් ස්ථානයේ පුලුස්සා විනාශ කිරීම සදහා සුදානම් කර තිබු දෑ ටොන් 2000 කට ආසන්න ප්‍රමානයක් තිබු බවද කියයි.

පවතින වියළි කාළගුණයත් සුළං තත්වයත් හේතුවෙන් ගින්න නිවා දැමීම බරපතල තත්වයක් වී තිබු බවත් දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ගනනාවකට අයත් ජල බවුසර් ගිනි නිවන රථ හා යුධ ගුවන් නාවික හමුදාවන්ට අයත් ගිනි නිවිමේ එකක ද ගෙන්වා තිබුනි .

ගින්න නිසා කර්මාන්ත ශාලාවේ වෙනත් කිසිදු අංශයකට හානි සිදුවි නොතිබුන බවත් අවට ප්‍රදේශ වෙත ගින්න පැතිරි යාම වැලැක්විමට දැවැන්ත උත්සහයක් ගිනිමින් තිබේන බවත් සිමේන්ති සමාගමේ පාලනාධිකාරිය පවසයි.

-හිරාන් ප්‍රියංකර ජයසිංහ, එච් .චන්දන , රෝවන් පෙරේරා
gossip lanka