gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කහල්ලේ අමානුෂික මුවදඩයක්කරුවෝ අල්ලති

අනුරාධපුර, මාතලේ හා කුරුණෑගල දිස්ත්‍රික් මායිමේ පිහිටි කහල්ල පල්ලේ කැලේ රක්ෂිතයේ ගල්කිරියාගම කොටසේ සිදුකල මෙහෙයුමකදී මුවන් මැරූ දඩයක්කරුවන් වැලි ජාවාරම්කරුවන් හා හරක් හොරුන් පිරිසක් සැකපිට අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට හැකිවී තිබේ.

පෙරේදා (15) රාත්‍රියේ හා ඊයේ (16) හිමිදිරියේ සිදුකළ මේ වැටලීමේදී
වෙඩි තබා මස් කර සිටි මුවන් දෙදෙනකුගේ මස් හා සිරුරු කොටස් ගිනි අවි ජීව පතොරොම් පිහි විදුලි පන්දම්, වැලි පැටවූ ට්‍රක් දෙකක් ටිපර් රථයක් හා මීහරක් ප්‍රවාහනය සදහා ගෙනවිත් තිබු ලොරි රථයක් සමඟ සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ ප්‍රධානී ඩී .රාමසිංහ මහතා පැවසීය.

මේ දිනවල පවතින වියලි කාලගුණික තත්වය නිසා ප්‍රදේශයේ වැව් සිදීමෙන් දිය සොයා එන වනසතුන් ඝාතනය කිරීම සිදුකරන බවත් රක්ෂිතයේ ඇති ඇලවේලි වල ඇති වැලි පැටවීම් සිදුකොට වලවල් හාරා විශාල පරිසර විනාශයන් මේ පිරිස සිදු කරන බව වනජීවී නිලධාරීහු කියති.

කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ සිදුවන ජාවාරම් මැඩලීම සදහා දිගටම පැය 24 පුරා මෙහෙයුම් ක්‍රිත්මක කරන බවද ඔවුහු කියති.

නිලධාරින් වැටලීම සිදුකරන අතරදී ඉතා අමානුෂික අන්දමට මුවන් මරා මස් කරමින් සිටි බවද ඔවුහු වැඩිදුරටත් පැවසුහ.

මේ වැටලීම සදහා ගල්කිරියාගම වනජීවී කලාපයේ අඩවි ආරක්ෂක ඩී .රාමසිංහ .වනජීවී නියාමක අනුරුද්ද ආරියරත්න, නිශාන්ත ජීව්න්ද්‍ර, සිවිල් ආරක්ෂක උපදේශක ආර් .බී .එස් .වික්‍රමසිංහ, එන්.ටී.ජී.නෙත්තිසිංහ, කලුආරච්ච් හා රත්නායක යන නිලධාරින් මෙන්ම වනජීවී මාර්ගෝපදේශක ආනන්ද බණ්ඩාර මහතා ද සහභාගිවී ඇත.

-කාංචන කුමාර ආරියදාස


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka