gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

5 වසර ශිෂ්‍යත්වය හෙට

පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්‌ථාන 3014 ක දී හෙට (20 දා) පැවැත්වේ.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 562 දෙනකු ඇතුළුව අයෑදුම්කරුවෝ තුන් ලක්‌ෂ පනස්‌ හයදහස්‌ හත්සිය විසිඅට දෙනෙක්‌ මෙවර විභාගයට පෙනී
සිටිති. විභාග කාර්ය මණ්‌ඩලය විසිඅට දහසකි.

විභාගය උදේ 9.30 ට ආරම්භ වන අතර උදේ 9 වන විට විභාගාපේක්‌ෂකයන්ට විභාග ශාලාවේ අසුන් ගැනීම සඳහා කටයුතු කරන ලෙස ශාලාධිපතිවරුන්ට උපදෙස්‌ දෙනු ලැබ ඇත. විභාගාපේක්‌ෂකයන් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්‌ථානයට පැමිණිය යුතු වන අතර තමන්ට අදාළ විභාග අංකය ඇඳුමේ වම්පස පැළඳ සිටිය යුතු වෙයි.

ප්‍රශ්න පත්‍ර දෙක අතර විවේක කාලයේදී හෝ දෙමවුපියන්ට විභාග මධ්‍යස්‌ථානයන්ට ඇතුළු වීමට අවසර නොලැබෙන අතර කෙටි ආහාරයක්‌ සහ වතුර බෝතලයක්‌ දරුවාට රැගෙන යැමට දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව දෙමවුපියන්ට දැනුම් දෙයි. විභාගය පැවැත්වෙන මධ්‍යස්‌ථානයේ විදුහල්පති කාර්යාලය ද වසා තැබෙන අතර අදාළ පාසලේ ගුරුවරුන්ට හෝ අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයට හෝ විභාග මධ්‍යස්‌ථානයන්ට ඇතුළු වීම සපුරා තහනම් වෙයි.

විභාගය අවසන් වූ පසුව ද ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයක්‌ වන හෙයින් එම ප්‍රශ්න පත්‍රය ළඟ තබාගැනීම පිටපත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්‌ යෑයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගය සම්බන්ධ පැමිණිලි හෝ විමසීම් 1911, 0112784208, 0112784537, 0113188350, 0112421111 යන දුරකථන අංකයන්ට යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka