gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාලු පාරට මුහුණලා පිහිටි ගොඩනැගිල්ලක රහසේම කරගෙන ගිය ගණිකා නිවාසය

ගල්කිස්ස ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා කාන්තාවන් 2 ක් සහ එක් පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් ලෙසින් ගණිකා නිවසක්
පවත්වාගෙන යන බවට පොලිසියට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

සැකකාර පිරිමි පුද්ගලයා ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු බවටයි වාර්තා වන්නේ.

ගාලු පාරට මුහුණලා පිහිටි ගොඩනැගිල්ලක මොවුන් මෙලෙස ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් ලෙසින් අදාළ ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් තිබෙනවා.

ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙනුයි අනෙක් සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් ගල්කිස්ස සහ බෙන්තර ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මෙම සැකකාර කාන්තාවන් වයස අවුරුදු 27 සහ 34 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ ගල්කිස්ස දූෂණ මර්ධන අංශයයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka