gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විභාග හොරු අල්ලන්න ස්‌වයංක්‍රීය උපකරණ යෙදවීමට අවධානය

විභාග අක්‍රමිකතා සිදුකිරීම සඳහා විභාගාපේක්‍ෂකයන් භාවිත කරන නවීන විද්යුත් උපකරණ ස්‌වයංක්‍රීයව හඳුනා ගැනීමේ නව උපකරණ (Detectors) ශාලාධිපතිවරුන්ට ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව අවධානය යොමුකර තිබේ.

මීට අමතරව විභාග ශාලාවලට ඇතුළු වීමට පෙර යුද හමුදාව සහ
පොලිසිය යොදවා විභාගාපේක්‍ෂකයන් සතුව නවීන විද්යුත් උපකරණ තිබෙන්නේ ද යන්න පරීක්‍ෂා කිරීමේ ක්‍රමයක්‌ පිළිබඳවද අවධානය යොමු කර ඇතැයි විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ෙ-. පුෂ්පකුමාර මහතා පැවැසීය.

දෙපාර්තමේන්තුව මෙලෙස නව ක්‍රමයන් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවෙක්‌ අති නවීන විද්යුත් උපකරණයක්‌ භාවිත කරමින් මෙවර උසස්‌ පෙළ විභාගයට පෙනීසිටින විට හසුවීම නිසාය.

අවධානය යොමුකර ඇති නව ක්‍රමයක්‌ ලබන දෙසැම්බර් මස පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ සිටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවද විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා කීවේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka