gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සසිකලා හිරගෙදරින් පැන යයි !

තමිල්නාඩුව කැළඹූ ගුප්ත දේශපාලන චරිතයක් වන වී.කේ. සසිකලා සිරගෙදරින් පැනයන CCTV දර්ශන කිහිපයක් කර්නාටක පොලීසියේ දූෂණ මර්දන කාර්යාංශය වෙත ලැබීම හේතුවෙන් තමිල්නාඩුව කැළඹී ඇතැයි ඉන්දීය මාධ්‍යවල දැක්වේ.

දූෂණ මර්දන කාරයාංශය වෙත වීඩියෝ පට, ඡායාරූප ඇතුළු සාක්ෂි 74ක්
සහිතව ලිඛිත දැනුම්දීමක් කර ඇත්තේ කර්නාටකයේ පරප්පතා අග්‍රාවාර් හිරගෙදර හිටපු පාලකවරිය ඩී. රූපාය.

සසිකලා සමඟ සිරගතවූ සහායිකාවක වන ඉලවරයිද සසිකලා සමඟ සාමාන්‍ය සිවිල් ඇඳුමින් සැරැසී හිරගෙදර ප්‍රධාන ගේට්ටුව අසලින් නිදැල්ලේ ගමන් ගන්නා ආකාරය එහි සටහන්ව තිබේ.

එසේම සිරගෙදර ප්‍රධාන බන්ධනාගාර නිලධාරිනියක්ද ගමන් කරනු එහි සටහන්ව ඇති බව පැවසේ.

පිටු 12ක වාර්තාවක් මගින් ඇය සසිකලා හට හිරගෙදර තුළ ලබාදී ඇති විශේෂ සැලකිලි සමුදාය එළිදරව් කර තිබේ.

කෙසේවුවද, සසිකලාගේ හිරගෙදර අත්තනෝමතික හැසිරීම ගැන රූපා කරුණු එළිදරව් කිරීමත් සමඟ ඇයව රථවාහන පරිපාලන අංශයට මාරුකර යවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත.

සසිකලාගේ මෙම හිතුවක්කාර හැසිරීම පිළිබඳ විශේෂ කමිටුවක් මගින් සැකසූ වාර්තාව මේ වනවිට කර්නාටක මහ ඇමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

උපයාගත් ආකාරය නිසි ලෙස ඔප්පු කරන්නට නොහැකි වූ මහජන මුදල් කෝටි ගණනක වංචාවක් හේතුවෙන් මහඇමැති පුටුවේද ඉඳගත් සසිකලා හට සිරදඬුවම් නියම කෙරිණි.

සසිලකාට සාමාන්‍ය සිරකරුවකුට මෙන්ම සැලකීමට අධිකරණය මගින් නියෝග ලැබී තිබුණද හිටපු මහ ඇමැතිනිය ජයලලිතා තරම්ම කට්ට සූර දේශපාලන තෙම්පරාදුවකින් සැදුණු චරිතයක් වන ඇය තමන්ට අවශ්‍ය පරිදි හිරගෙදර පරිසරයද සකස් කරගන්නට සමත්ව සිටීම ගැන ඉන්දියාව තුළ විශාල කැළඹීමක් ඇතව තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka