gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාස දෙකක් වයසැති බිළිදිය තොටිල්ල පිටින් ගිනි අරන්

බගවන්තලාව පොලිස් වසමට අයත් ලින්ස්ටඩි වතුයායේ පහළ කොටසේ වතු නිවාස පෙළක ජීවත් වු වතුකමිකරු පවුලකට අයත් මාස දෙකක් වයසැති සිඟිතියක් තොටිල්ලේ නිදාගෙන සිටියදී තොටිල්ල ගිනි
ගැනිමෙන් බරපතල ලෙස පිලිස්සි තුවාල ලබා බගවන්තලාව රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

පසුව ඇයගේ තත්වය බරපතල වීම හේතුවෙන් එම දැරිය මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බව බගවන්තලාව පොලිසිය පවසනවා.

ඊයේ (20) පස්වරුවේ මව විසින් ඉටි මලු වලින් සකස් කරන ලද අනාරක්‍ෂිත තොටිල්ලේ සිය දැරිය  නිදි කරවා නිවසින් මදක් බැහැරව සිටින අවස්ථාවේ  නිවසේ ලිප ආසන්නයේම සවිකර තිබු තොටිල්ල ගිනි ගැනිමෙන් මෙම අනතුරු සිදුවි ඇති බවයි පරික්‍ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය පවසන්නේ.

මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ අනුෂා කුමාරි නැමැති මාස 02ක් වයසැති දියණියක්.

තොටිල්ල ගිනි ගන්නා අවස්ථාවේ එය ආසන්නයේ කිසිවෙක් නොසිට ඇති බවත් පසුව මව නිවසට පැමිණෙන අවස්ථාවේ ගිනි  ඇවිලී තිබු තොටිල්ලේ  බරපතල පිලිස්සුම් සහිතව සිටි දැරිය බගවන්තලාව රෝහල වෙත රැගෙනවිත් ඇති බවයි එමදැරියගේ මව බගවන්තලාව පොලිසියට පවසා ඇත්තේ.

පිලිස්සුම් තුවාල ලැබු දැරියට වැඩිමහල් අවුරුදු හතරක සොහොයුරෙකු සහ අවුරුදු දෙකක සොයුරියක් සිටින බවත් පිලිස්සුම් තුවාල ලැබු දැරියගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන බවයි සිද්ධිය පිළිබද පරික්‍ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය පවසන්නේ.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka