gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උතුරේ ප්‍රවාහන ඇමතිට 6 මසකට පක්ෂය තහනම්

උතුරු පළාත් ප්‍රවාහන හා ධීවර කටයුතු අමාත්‍ය  පී.ඩෙනිශ්වරන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය මාස හයක කාලයක් සඳහා අත්හිටුවිමට ටෙලෝ පක්ෂය තීරණය කර තිබේ.

පක්ෂ ලේකම් එස්. ශ්‍රී.කාන්ත මහතා ප්‍රකාශ කළේ පක්ෂ තීරණවලට
විරුද්ධව කටයුතු කිරිම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

පක්ෂ තීරණයට පිටුවා ඩෙනිශ්වරන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතාට එරෙහිව ඉදිපත් කළ විශ්වාසභංග යෝජනාවට සහයෝගය පල කර ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ(20) රැස්ව ඇති අතර එහිදී මෙම තීරණය ගත් බව පක්ෂ ලේකම් එස්. ශ්‍රී කාන්ත මහතා  ප්‍රකාශ කළේය.

ඉදිරියේදී  පී. ඩෙනිශ්වරන් මහතා සම්බන්ධයෙන් විනය පරික්ෂණ පවත්වා අවසන් තීරණයක් ගන්නා තෙක් තාවකාලිකව ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවිමට තීරණය කළ බව එස්. ශ්‍රී කාන්ත මහතා සඳහන් කළේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka