gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාලොවින්, සුරලොවින් ආවත් දැන් මෙලෝ වැඩක් නැති බුලත් !

මීට පෙර රුපියල් 15,000ත් - 18,000ත් අතර මිලකට අලෙවි වූ අපනයන මට්ටමේ බුලත් වට්ටියක් දැන් රුපියල් 1,000ක තරම් අවම මට්ටමකට වැටීම නිසා එම කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැටී ඇතැයි වාර්තා වේ.

මිල පහල වැටීම හේතුවෙන් බුලත් විට නිෂ්පාදනයද පහල වැටී ඇති බව පැවසෙන අතර නෙලාගනු ලබන අස්වැනු වලින් ඉතා ඉහල මට්ටමේ
(අපනයනයට යොදාගන්නා) පීදුණු බුලත් අස්වැන්න පහල වැටීමද බුලත් කර්මාන්තයේ බිඳවැටීමට හේතුවී ඇති බව පැවසේ.

එසේ පීදුණු බුලත් අස්වැන්න පහල වැටී තිබියදී දේශීය වෙළඳ පොළට නිකුත් කරනු ලබන කෙටි බුලත් අස්වැන්න ඉහලයාමද, නියඟය ද බුලත් වගා කරුවන් අසරණ කිරීමට හේතුවී ඇති බව වාර්තා වේ.

කෘෂිකර්ම - ඉඩම් අමාත්‍යංශ බෝඩ්වලට විතරයි

කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යංශය බෝඩ් ලෑලිවලට පමණක් සීමා වීම නිසා බුලත් වගා කරන්නන්ට ජලය සොයාගැනීමට නොවිඳිනා දුක් විදීමට සිදුව ඇති බවට ද බුලත් වගාකරුවෝ චෝදනා කර සිටිති.

බුලත් ඉන්නක මිල රුපියල් 23/- ක් පමණවීමත් පන්දලමක් බැඳීමට ගන්නා පටි මිල ඉහල යාමත් බුලත් වාගාකරුවා අසරණ කිරීමට හේතුවෙක් වී ඇතැයි පැවසේ.

වසර 2012 දී බුලත් කිලෝ 1,934ක් අපනයනය කර ඇති අතර, එය 2013 හා 2014 වසරවලදී පිළිවලින් බුලත් කිලෝ 3,024 ත් 2,998 ත් දක්වා ඉහල ගොස් ඇතත් 2015 හා 2016 වසරවලදී අපනයනය කර ඇත්තේ පිළිවලින් බුලත් කිලෝ  2,404ක් හා 1,956කි.

බුලත්වලට අවම මිලක්

බුලත් වගාකරුවන් රැකීමට නම් බුලත්වලට රජය අවම මිලක් යෙදිය යුතු බවද බුලත් වගාකරුවෝ කියා සිටී.

ලෝක වෙළඳපලේ හොඳ ඉල්ලුමක්

කෙසේවුවද, ලෝක වෙළඳ පොලේ ලංකාවේ බුලත්වලට හොඳ ඉල්ලුමක් ඇති බව පැවසෙන අතර මෙතෙක් ශ්‍රී ලංකාව ලෝක වෙළඳ පොල ඉල්ලුමට අනුව සැපයුම කර ඇත්තේ 5%ක ප්‍රමාණයකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka