gossip lanka

බන්දුලගේ ‘බදු දඩයම’ 22 වැනිදා එළිදකී

ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත 'බදු දඩයම හෙවත් නව දේශීය ආදායම් පනත' මේ මස 22 වැනිදා
(අඟහරුවාදා) සවස 4.30ට කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රවණාගාරයේදි එළි දකී.

පොත එළිදැක්වීමේ උත්සවයේ මුලසුන හොබවන්නේ බදු කොමිසමේ හිටපු සභාපතිවරයකු වූ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතාය.

හිටපු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර්.පී. එල්. වීරසිංහ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, නීතිඥ කනිෂ්ක විතාරණ මහත්වරු මෙහිදී දෙසුම් පවත්වති.

මේ උත්සව කටයුතු සංවිධානය කරන්නෙ ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික විද්‍යාර්ථිකයන්ගේ සංසදයයි.





gossip lanka