gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

17 හැවිරිදි සිසුවිය ගණිකා වෘත්තියේ යෙදවූ දෙදෙනෙකු අත්අඩංගුවට

දොම්පේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක තරුණියක් ගණිකා වෘත්තියේ යොදවා සිටි බව කියන ත්‍රිරෝද රථ රියැදුරකු සහ ඊට සහය දුන් බව කියන  56 හැවිරිදි කාන්තාවක් වලාන දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන  තිබෙනවා.

වලාන දූෂණ මර්දන ඒකකයට ලැබී ඇති තොරතුරකට අනුව මෙම
තරුණිය ගෙන්වා ගැනීමට අදාළ ත්‍රිරෝද රථ රියැදුරුගේ දුරකථනයට ඇමතුමක් ලබා දී තොරතුරු විමසා පොලිස් කණ්ඩායමේ උපාය දුතයකු ලෙස පෙනී සිටි නිලධාරියා මල්වාන ප්‍රදේශයට තරුණිය රැගෙන එන ලෙස ත්‍රිරෝද රථ රියැදුරුට දැනුම්දී ඇති අතර ත්‍රිරෝද රථ රියදුරා මේ තරුණිය සහ තවත් කාන්තාවක් රැගෙන පැමිණියා.

මේ කාන්තාව තරුණියගේ මව ලෙසට පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මඟ රැකසිටි පොලිස් නිලධාරීන් විසින් ත්‍රිරෝද රථය නවතා සිදු කළ පරීක්ෂාවේදී එහි සිටි තරුණිය සහ මව ලෙස පෙනී සිට ඇති කාන්තාවගෙන් සහ රියදුරුගෙන් ප්‍රශ්න කොට තිදෙනාම අත් අඩංගූවට ගත්තා.

මෙම තිදෙනාගෙන් තරුණිය සහ 26 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරා දොම්පේ ප්‍රදේශයේ පදිංචි බවත් මව ලෙස පෙනී සිටි කාන්තාව බියගම පදිංචි බවත් අනාවරණය වී ඇති අතර අත්අඩංගූවට ගත් තිදෙනා බියගම පොලිසියට බාර දීමට පියවර ගත් බව පානදුර වලාන දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතා පවසනවා.

තරුණිය පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී මෙලෙස ගණිකා වෘත්තියට යොමු කර ගෙන ඇති බවද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබෙනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka