gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සූරියවැව මැච් එක අස්සේ තවත් මැච් එකක් ගහලා

සුරියවැව ක්‍රීඩාංගනයේදී පෙරේදා (08දා) පැවති ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ ක්‍රිකට් තරගය අවසානයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලබා එක් අයකු සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති අතර, පොලීසිය විසින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලීසිය පැවසීය.

සූරියවැව සහ කුඩාවැල්ල ප්‍රදේශයේ තරුණයන් දෙපිරිසක් අතර ක්‍රිකට් තරගය නරඹමින් සිටින අතරතුර ඇති වූ කතාබහක් දුරදිග ගොස් තරගය නරඹා පැමිණෙමින් සිටියදී
කුඩාවැල්ල ප්‍රදේශයෙන් පැමිණි තරුණයන් සුරියවැව තරුණයන්ට පහරදීමෙන් සූරියවැව තරුණයකු අසල තිබූ යකඩ පොල්ලක් රැගෙන කුඩාවැල්ල ප්‍රදේශයෙ තරුණයෙකුගේ හිසට පහරදී ඇත.

පහරකෑමට ලක්වූ තරුණයා සූරියවැව රෝහලට ඒ මොහොතේම ඇතුළත් කර ඇත. පසුව තුවාල ලැබූ තරුණයා රෝහලෙන් පලාගොස් තිබේ. සිද්ධියට අදාළ තරුණයන් දෙදෙනෙකු සූරියවැව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරනු ලබයි.

සෙවණගල – සුමනදාස කුට්ටපිටිය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka