ආසියාවේ උසම ගොඩනැඟිල්ල කොළඹ වාණිජ නගරය මධ්‍යයේ ඉදිකිරීමට තීරණය වී ඇත. ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ව්‍යාපෘතිය භාර සමාගම වන වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් (World Capital Centre – WCC) විසින් පසුගිය 30 වැනිදා අස්සන් තබන ලදී.
ආසියාවේ උසම ගොඩනැඟිල්ල සහ ලොව 9 වැනි උසම ගොඩනැඟිල්ල බවට පත්වීමට නියමිත මෙය සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂිත මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 02 කි.
නිවුන් ගොඩනැඟිලි වලින් සමන්විත මෙහි උසම ගොඩනැඟිල්ල තට්ටු 117 කින් යුක්ත වන අතර එහි උස
මීටර් 625 කි. ව්‍යාපෘතිය අවසන් වීමෙන් අනතුරුව එය නිවාස එකක 1200 කින්, හෝටල් කැමරා 2000 කින්, සුඛෝපභෝගී වෙළෙඳ කුටි 3000 කින්, මෝටර් රථ 5000 ක් ගාල් කළ හැකි වාහන අංගනයකින්, WCC ව්‍යාපාරයටම අයත් තරු – 7 හෝටලයකින් අධි සුඛෝපභෝගී පිහිනුම් තටාක 20 කින් සහ ලොව වේගවත්ම දෙමහල් විදුලි සොපනයන්ගෙන් සමන්විත වනු ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ Sky Scraper Centre ආයතනය විසින් යෝජිත මෙම ගොඩනැඟිල්ලේ පරිමාවන් අනුමත කර ඇති අතර ඉදිකිරීමෙන් අනතුරුව ගොඩනැඟිලි දිවිත්වය වර්ග මීටර් 800000 කින් සමන්විත වනු ඇත. ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතව ඇත්තේ 2022 වර්ෂයේදීය.
ආසියාවේ උසම ගොඩනැඟිල්ල කොළඹට එයි
2017-07-03T11:43:00+05:30
Gossip Lanka Hot News