gossip lanka

ඉබ්බන් මස් කළ තරුණයන් හතක් දැලේ (PHOTOS)

වෙන්නප්පුව ප්‍රදේශයේ ඇති සංචාරක හෝටල් වලට අළෙවි කිරීම ඉලක්ක කර ගනිමින් “පාටර්” වර්ගයේ ගල් ඉබ්බන් අල්ලා ගෙන මස්
කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (24) සවස කොට්ටුකච්චිය - කිරල්ඔය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පුත්තලම - මන්නාරම මාර්ගයේ හතරේ කණුව පදිංචිකරුවන් බවත්,ඔවුන් වයස අවුරුදු 15 - 20 අතර පසුවන තරුණයන් පිරිසක් බවයි වැටලීම කළ නිලධාරීන් පවසුවේ.

සැකකරුවන් කිලෝ මීටර් 25ක පමණ දුරක් ගල් ඉබි දඩයම සඳහා පැමිණ ඇති බවත්,කීප දෙනෙකු ත්‍රී රෝද රථයකින්ද ඉතිරි පිරිස බස් රථ වලින්ද පැමිණ ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී තිබෙනවා.

ජලය සිඳී යමින් පවතින කිරල්ඔයේ සැකකටයුතු  තරුණයන් කීප දෙනෙකු ගැවසෙන බව දැක ඇති ගම්වාසීන් මේ බව කොට්ටුකච්චිය උස්බිම් ජනපදයේ ස්ථානය කර ඇති පොලිස් ජංගම මුර පොළේ නිලධාරීන්ට දන්වා තිබෙනවා.

ඒ අනුව පැමිණ ඇති පොලිස් නිලධාරීන් ගම්වාසීන්ගේද සහාය ඇතිව සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.


gossip lanka