gossip lanka

අවුරුදු 10 දැරියව ගැබිණියක් කරපු නරුම මාමා

දූෂණයට ලක්වීමෙන් මේ වන විට ගැබ්ගෙන සිටින වයස අවුරුදු 10ක දැරියක් ගබ්සාවට ලක්කළ යුතුදැයි තීරණය කිරීම සඳහා  අදාල දැරිය පරීක්ෂාවකට ලක් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෛද්‍යවරුන්ට නියෝගකර තිබෙනවා.

දුප්පත් පවුලක උපන් මෙම දැරියගේ පියා රජයේ පහළ මට්ටමේ
රැකියාවක නිරත වන අතර මව මෙහෙකාර සේවයේ යෙදෙන්නියක් බව සදහන්.

දැරියගේ දෙමාපියන් විසින් තම දියණියගේ දරු ගැබ ඉවත් කිරීමට අවසර දෙනලෙස ඉල්ලා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාල දැරිය මේ වන විට  සති 26ක දරු ගැබක් දරා සිටින බවට වාර්තා වන අතර ඇයගේ ශරීරය දරුවෙකු වැදීම සඳහා ප්‍රමාණවත් ලෙස වර්ධනය වී නොමැති බව වෛද්‍යවරු පවසනවා.

ඉන්දීය නීතියට අනුව සති 20ක් ඉක්මවූ කළලයක් ඉවත් කිරීමට අවසර ලැබෙන්නේ නැහැ.

අදාල 10 හැවිරිදි දැරිය පසුගිය මාස 07 ඇතුළත කිහිප වරක්ම තම මාමා විසින් දුෂණය කරනු ලැබ ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර දැරියගේ උදරයේ වේදනාවකට ප්‍රතිකාර ගැනීම සඳහා දැරිය වෛද්‍යවරයෙකු වෙත කැඳවාගෙන ගිය අවස්ථාවේදී ඇය ගැබිණියක් බවට අනාවරණය වී තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත දැරිය ලබන හෙට (26) වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව සදහන්.

ඒ අනුව දරු ප්‍රසූතිය ඇයගේ ජීවිතයට කෙතරම් අවදානම් සහගත විය හැකිද යන්න පරීක්ෂණයේදී විනිශ්චය කිරීමෙන් අනතුරුව දැරිය ගබ්සාවකට ලක් කරන්නේදැයි තීරණය කෙරෙනවා.

මෙම දරුගැබ ඉවත්කිරීම  සඳහා අවසර දෙන ලෙස දෙමාපියන් කළ ඉල්ලීම ඉන්දියාවේ චන්දිගාර් හි දිස්ත්‍රික් අධිකරණය පසුගිය සතියේ ප්‍රතික්‍ෂේප කරනු ලැබුවා.

gossip lanka