gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අර්ජුන යන්න කියයි චන්දිමාල් ගෙදර යයි

රෝගී තත්වයක් නිසා රෝහල් ගත කර සිටි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඊයේ දිනයේ ඔහු පිටව ගොස් ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය නිර්දේශ ඒකකයේ සාමාජිකයෙකු වන මහාචාර්ය අර්ජුන ද
සිල්වා කියා සිටියේ.

උණ රෝගයක් වැළඳීම හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළු කෙරුන චන්දිමාල් ගැන පසුව සිදු කළ පරීක්ෂණවලින් හෙළි වුණේ ඔහුට නිව්මෝනියා රෝගය වැළඳී ඇති බවයි.

ඒ අනුව, ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පෙනහළුවල ඇති වූ ආසාධන තත්ත්වය අඩු වී ඇති බව වෛද්‍යවරුන් දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

චන්දිමාල් පරීක්ෂාවට ලක් කළ මහාචාර්ය අර්ජුන ද සිල්වාගේ නිර්දේශ මත චන්දිමාල් නිවස බලා පිටත්ව ගිය බව ද වාර්තා වනවා.

ඒ අනුව එළඹෙන ඉන්දු – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයට චන්දිමාල්ට ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බවට තමන් විශ්වාස කරන බවත් මහාචාර්යවරයා සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka