gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුෂණ වංචා ගැන පරීක්ෂණ අඩපණ කිරීමේ උත්සහයක්

දුෂණ විරෝධි කාර්යාලය අහෝසි කිරීමෙන් දුෂිතයින්ට එරෙහිව පරීක්ෂණ අඩපණ වන බව දූෂිත විරෝධි හඬ ව්‍යාපාරයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ආරම්භ කර අද වන විට වසර 2ක් ගත වී ඇති බවත් එහි කාලය මාස 6 න් 6ට දිර්ඝ කළ යුතු වන අතර මෙම මස 30 වනදාට එය අහෝසි වන බවද ඔහු පසුගියදා (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසී ය.

අගමැතිවරයා මේ පිළිබඳ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට යෝජනා කර ඇති බවත් අවුරුදු 2 ක කාල සීමාව තුළ පැමිණි 1000 ක් පමණ
මෙම කාර්යාලයට ලබා දී ඇති බවත් FCID ආයතනය වෙත පැමිණිලි 2500 ක් ලබා දී ඇති බවත් CID පැමිණි 40 ක් ඇති බවත් සමරසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත් නාමල් හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් ගැන පැමිණිලි ඉදිරිපත් කරනු ලැබුවේ මෙම දුෂණ විරෝධි කාර්යාලය මඟින් බව ද ඔහු මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් පවතින තත්ත්වය තුළ දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීම තුළින් FCID යට වක්‍රාකාරයෙන් පැමිණිලි නොලැබෙන බවත් එය සිදු කර ගැනීම රජයේ උවමනාව බවත් වසන්ත සමරසිංහ මහතා පැවසීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka