උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විරෝධතා සිදුකරන ජනතාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැදමූලන පිහිටි නිවස වැටලීමට කටයුතු කළ යුතු බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අතර, උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බව එහි කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ප්‍රකාශ කළා.
කමිටුවේ සෙසු සමාජිකයන් ලෙස පද්ම උදයශාන්ත, රංජිත් සොයිසා හා රොෂාන් රණසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කර ඇති බව සඳහන්.
ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගිය රජයට චෝදනා එල්ල වන බැවින් ඒ පිළිබඳ සොයා බැලිම සිදුකරන බවයි කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේ.
කෙසේ වෙතත් කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඒකාබද්ධ විපක්ෂය කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍ය පාඨලී චම්පික රණවක අදහස් පළ කරමින් කියා සිටියේ මෙවැන්නක්.
"රජරට ජනතාවට ගලා ගිය ජලය ටික තමයි මැදමුලනට හැරෙව්වේ මහින්ද මහත්තයා ඒ වගේම විදුලි නිෂ්පාදනයක් මෙතනින් සිදු නොවන බව මා වගකීමෙන් කියනවා. ඒ වගේම ඩොලර් මිලියන 155 ක් වෙච්ච මේ ව්‍යාපෘතිය ඩොලර් මිලියන 500 ඉක්මවලා යන තත්ත්වයකට පත්කළේ මහින්ද රාජපක්ෂ මහත්තයා. මම දැක්කා ඒකාබද්ධ විපක්ෂය මේ ගැන පරීක්ෂණයක් කරන්න යනවා කියලා. මුලින්ම ගෝල්ෆේස් පිට්ටනියට සෙනඟ අද්දන්න සල්ලි ගත්තේ උමා ඔයේ වංචාකරපු ධනයෙන්ද කියලා මුලින් හොයන්න කියන එක. රජරට ජනතාවගේ ජලය හොරාකෑමක් කරපු මැදමුලන වලව්ව වැටලීම තමයි බණ්ඩාරවෙල උද්ඝෝෂකයින්ගේ පළමු පියවර විය යුතුවන්නේ."
උමා ඔය නිසා මැදමුලන වටලන්නැයි ඇමතිවරයෙකුගෙන් යෝජනාවක්
2017-07-09T11:31:00+05:30
Gossip Lanka Hot News